Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය

2025 වසරේ ලග්න පලාපල – තුලා ලග්නය

1 year ago

රැකියා දියුණුව ඇතිවේ

ගෘහ ජීවිතය :- ආරම්භයේදී ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සමඟ 5 වැන්නේ ගෝචර වීම යහපත්ය. කුජ 10 වැන්නේ තැන්පත්වීමත් අනුව ගෙදරදොර දියුණුවට වැඩකටයුතු කර ගැනීමට හැකි සුබ වසරක් සේ පෙන්වයි. දෙමාපිය සහයෝගය ලැබදෙයි. දුර්වල අයට ඇප උපකාර කරමින් දෙලොව දියුණුවට වැඩ කර ගැනීමට දක්ෂය. වචනයෙන් අන්‍යයන්ගේ සිත් දිනයි. මාර්තු මාසයෙන් පසුව සෙනසුරු මීන, රාශිගතවීමෙන් දරුවන්ගේ කලා අධ්‍යාපනයට සුබ වේ. විවාහ, දරුපල ආදියට ද යහපත්ය.

රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ කුජ ග්‍රහයාගේ ගෝචරය අයහපත් නොවේ. කරන කියන රැකියා කටයුතුවලින් මිල මුදල් උපයා සපයා ගනී. නිල ඇඳුමක් ඇඳ කරන රැකියාවලට උරුමකම් ඇත. රැකියාව සම්බන්ධයෙන් එඩිතරය බියගුලු නැත. කෘෂිකාර්මික අංශය ද දියුණු වේ.

අධ්‍යාපනය :- මුල් කාලසීමාව අධ්‍යාපනික ප්‍රගතියක් දැක්වේ. නැටුම් ගැයුම් ගායනය යන අංශවලින් ජයග්‍රහණය ලබයි. මැයි මාසයෙන් පසුව ගුරු 9 වැන්නට ඒම සුබදායකය. උසස් අධ්‍යාපනික ජයග්‍රහණ ලබයි. එහෙත් රාහු 5 වැන්නට යාම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට බාධා ගෙනදෙයි. ඉගෙනීමට වඩා වෙන දේට අවධානය යොමු කරයි.

සෞඛ්‍යය :- අජීර්ණ, හිරිවාත, තුනටිය ආශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ ආදියට ඉඩ ඇත.

උපතේදී ඔබගේ හඳහනේ සඳු ග්‍රහයා 6, 7 යන භාවයක සිටියේ නම් පමණක් ඒරාෂ්ටක අපල පවතී. එසේ නොමැති නම් බිය විය යුතු නැත. දශාවේ අපල බලා ඒවාට සත්කාර කර ගන්න. රාහු 5 වැන්නේ ගෝචරවීම මැයි මාසයෙන් පසුව බැවින් ඒ කාලයේ දරුවන් ලවා වැටකේ මල් පූජා කරවන්න. විෂ්ණු දෙවියන්ට පින් දී රාහු අපල දුරලන මෙන් ඉල්ලන්න. වැටකෙයියා පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 6, 9,  සුබ වර්ණ – සුදු, ලා නිල,
සුබ දවස් – බදාදා, සිකුරාදා, සෙනසුරාදා

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *