අන්‍යයන්ට ආදර්ශයක්
ගෘහ ජීවිතය :- දැනකට ගත කරන ලග්න ඒරාෂ්ටකයේ බලපෑම ලබන වසරේ මාර්තුවල සිට තරමක් දුට අඩු වුවත් ඉදිරියටත් පවතී. ඔබට එළඹෙන වසර තුළ උත්සාහය කැපවීම සහ ධර්මානුකූලව සියල්ල ජයගත යුතුව ඇත. ගෙදර දොර අතපසු වූ වැඩ කොටස් යළි ආරම්භ වේ. යම් ඉලක්කයක් ඇතිව කටයුතු කරයි. අධිෂ්ඨානය අත්නොහරින ඔබ වර්ෂය අවසාන වන විට අන්‍යයන්ට ආදර්ශයක් ද වේ. නොබියව දුෂ්කර අමාරු කාර්යයන්වලට අත ගසයි. ඔබ තුළ දැනටත් පවතින සරල බව ඉවසීම කලබල නොවන තැන්පත් ස්වරූපය භාග්‍ය උදාකර දෙන බැවින් ඒවා වඩා වර්ධනය කරගෙන ජීවිතයට මුහුණ දෙන්න. ජය යෝගය, ලක්ෂ්මී යෝගය පිහිටා ඇත.
රැකියාව :- දැනට කරගෙන යන රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබුණත් යම් අවස්ථාවල ඔබට නීතිමය වශයෙන් චෝදනාවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. නව රැකියා ලාභ වශයෙන් ගුරු වෘත්තිය, කෘෂිකාර්මික අංශවල රැකියා ලැබීමට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණවිමට ද හැකියාව භාග්‍ය පෙන්වයි. අන්‍යයන්ට ණය ගනුදෙනුවලට අත්සන් තැබීම් මුල්මාස 3 තුළ නුසුදුසුය.
අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට ඒරාෂ්ටක අපල බලපෑම් කළත්, බාධාවලට පයින් ගසා ජයග්‍රහණ අත්පත් කර ගන්නා බවක් දක්නට ඇත. අමතකවීම්, අතපසුවීම් මඟහරවා ගැනීමට සෙත්ශාන්ති කරගන්න. රට තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතාවක් ද ඇතිවිය හැකියි.
සෞඛ්‍යය :- සෙම් රෝග, හෘද රෝග, ස්නායු දුබලතා, දත්වල අසනීප, අතපය හිරිවැටීම් මෙන්ම හදිසි සුළු අනතුරු ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
එම අපල අසනීප මඟහරවා ගැනිමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. සෙනසුරාදා දිනවල බෝධිපූජා, අතපය කොර අයට ආහාරපාන, බලුකපුටු දාන සහ රාහු ලග්නගත වන බැවින් මැයි මාසයේ සිට වැටකේ මල් පිදීම වැටකෙයියා පැළයකට සත්කාර යනාදිය කරන්න. රාහු ලග්නගතවීම වැඩකටයුතු අතපසු කරන අමතකර කරන කරුණක් බැවින් යහපත් සිහිය පිහිටුවා ගන්න. රතන සූත්‍රය, ජය පිරිත දෙකත් උදේ සවස කියන්න. අසන්න. අන්තරාය නිවාරණ පිරිත කියන්න. සංඝයා වහන්සේලාට දන්පැන් දෙන්න.
සුබ අංක – 3, 7, 9, සුබ වර්ණ – නිල්, රතු, සුදු,
සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්