රාජ්‍ය නිලධරයන්ගේ ප්‍රසාදයට
ගෘහ ජීවිතය :- බාධක මැදින් ජයග්‍රහණය කරන උත්සාහයෙන් යුතුව ග්‍රහයින් දෙන අසුබ කිරණ සුබතාවට පත්කරගන්නා වසරකි. යුගදිවියේ ගැටලු නිරාකරණය කර ගැනීමට ගුරුගේ දෘෂ්ටියෙන් හැකිවනු ඇත. ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඒවා තාවකාලික වේ. මාර්තු 29 දින සෙනසුරුගේ මාරුවෙන් ඒරාෂ්ඨකයේ බලපෑම වැඩියෙන් දැනෙන්නට පටන්ගන්නා නිසා ඔබ වසර ආරම්භයේ සිටම ධාර්මික කටයුතුවල නියැළෙමින් ජීවිතයට ශක්තියක් එක්කර ගත යුතුයි. ඔබ සිතන පතන සියලු දේ අත්පත් කර ගත හැකි ග්‍රහබල යෝග ඔබ සතුය. විමලා යෝගය, වොශී යෝගය, සූනපා යෝගය, සරලා යෝගය වැනි ග්‍රහබල තුළින් නව ආලෝකයක් 2025 වසරට එක්වනු ඇත.
රැකියාව :- රවි 10 වැන්න වූ රැකියා ස්ථානයේ ගෝචරවීම, 10 අධිපති ගුරු 3 වැන්නේ සිටීම අනුව කථාවේ නිපුණත්වයක් ඇතිව අන්‍යයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රසාදය දිනා වැඩකටයුතු කළ හැකියි. නව රැකියා ලාභ ගෙන දෙයි. එහෙත් මැයි මාසය තෙක් බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමත් කරන්ට යන දේ දෙවරක් සිතීමත් අවශ්‍ය වන්නේ රාහු ලග්නගතව සිටින නිසාවෙනි. නොයෙකුත් පැටලිලිවලට මැදිවීමට ඉඩ ඇති බැවිනි.
අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවනට පොතපත දැනුම කියවීමේ රුචිය වර්ධනය කරයි. ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවේ. ගැටලු තැන් නිරවුල් කරගැනීමට දක්ෂ ගුරුභවතුන් සොයා යාමට සිදුවේ.
සෞඛ්‍යය :- හිසරදය, අලස බව, නිදිමත, පාදවල වේදනා, සුළු අනතුරු, ඇස්වහ කටවහ දෝෂ තිබෙන්නට පුළුවන.
අපල මඟහරවා වසර සුබ කර ගැනීමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. සෙනසුරාදා දින ආබාධ සහිත අයට ආහාරපාන, වෙල් මාළුන්ට පොරි දැමීම, බලුකපුටු දාන සහ අටවිසි බෝධිපූජා තැබීම, අටපිරිකරක් භික්ෂූන් වහන්සේ නමකට පූජා කිරීම, වැටකෙයියා මල් පූජා කර විෂ්ණු දෙවියන්ට පින්දීම, වැටකෙයියා පැළයකට සත්කාර කිරීම, භික්ෂු සංඝයාට දානමාන දීම, ගිලන්පස පූජාකිරීම, දානශීල භාවනාවල නිරතවීම වැනි දේ කළ යුතුය. ජය පිරිත, සජ්ජායනය කිරීම (උදේ සවස).
සුබ අංක – 3, 4, 9, සුබ වර්ණ – රතු, කහ, තැඹිලි,
සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා, බ්‍රහස්පතින්දා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්