අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට වරදකරුවන් වී බරපතල වැඩ සහිත වසර 16 සිර දඩුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්. එම්. රංජිත් මහතා හා ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ඇප ඇයැදුම්පතක් ගොනු කර තිබෙනවා.
ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූවා.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දැක්වීමට දින නියම කළා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසූවේ, සිය සේවාදායකයින් ඔවුන්ට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි.
එම අභියාචනය ගොනු කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායකයින් ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නියම කළා.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු ගොනුකළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය අප්‍රේල් 2 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ මහාධිකරණය විත්තිකරුවන්ට වසර 16ක සිර දඬුවම් නියම කළා.
එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇති අතර එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිමින් මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබෙනවා.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු