Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අපිට ඇප දෙන්න! එස්.එම් රංජිත් සහ චන්ද්‍රසේනගේ නෝනාගෙන් මහාධිකරණයට පෙත්සමක්!

10 months ago

අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට වරදකරුවන් වී බරපතල වැඩ සහිත වසර 16 සිර දඩුවම් නියම වී සිටින  උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්. එම්. රංජිත් මහතා හා ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ  ඇප ඇයැදුම්පතක් ගොනු කර තිබෙනවා.

ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූවා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දැක්වීමට දින නියම කළා.  

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසූවේ, සිය සේවාදායකයින් ඔවුන්ට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි.

එම අභියාචනය ගොනු කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායකයින් ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ  මහාධිකරණ විනිසුරු ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නියම කළා.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම,  එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු ගොනුකළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය අප්‍රේල් 2 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ මහාධිකරණය විත්තිකරුවන්ට වසර 16ක සිර දඬුවම් නියම කළා.

එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇති අතර එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිමින් මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *