ඉන්දියාව සත්කාරකත්වය දරන 2026 බ්‍රික්ස් සමුළුවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීන ජනාධිපති ෂී ජින්පින්ට ආරාධනා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ ඉන්දු – චීන නායකයින් අතර ද්විපාර්ශවික හමුවක් පැවැත්විණි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස මෙම ආරාධනය සිදු කර තිබේ. ආරාධනය සම්බන්ධයෙන් අගමැති මෝදිට ස්තූති කළ චීන ජනාධිපති ෂී, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ BRICS සමුළුවට චීනයේ සහයෝගය පළ කළේය.
එම සංවිධානයේ වත්මන් සභාපතිත්වය බ්‍රසීලය දරණ අතර මීලඟ සභාපතිත්වය ඉන්දියාව සතුයි. චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වයට සහ ටියැන්ජින්හි පැවැත්වෙන සමුළුවට ද අගමැති මෝදි සහාය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු