Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය අගමති චීන ජනපතිට කළ ආරාධනය

10 months ago

ඉන්දියාව සත්කාරකත්වය දරන 2026 බ්‍රික්ස් සමුළුවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීන ජනාධිපති ෂී ජින්පින්ට ආරාධනා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ ඉන්දු – චීන නායකයින් අතර ද්විපාර්ශවික හමුවක් පැවැත්විණි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස මෙම ආරාධනය සිදු කර තිබේ. ආරාධනය සම්බන්ධයෙන් අගමැති මෝදිට ස්තූති කළ චීන ජනාධිපති ෂී, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ BRICS සමුළුවට චීනයේ සහයෝගය පළ කළේය.

එම සංවිධානයේ වත්මන් සභාපතිත්වය බ්‍රසීලය දරණ අතර මීලඟ සභාපතිත්වය ඉන්දියාව සතුයි. චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වයට සහ ටියැන්ජින්හි පැවැත්වෙන සමුළුවට ද අගමැති මෝදි සහාය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *