ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනයට අදාළව නව තොරතුරු හෙළිදරවු වෙමින් පවතී.
මෙම කණ්ඩායම සමඟ කලක් සමීපව කටයුතු කළ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා, පසුව ඔවුන්ගෙන් වෙන් වී විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු හෙළිදරව් කළ අයෙකි. ඔහු පසුගිය පෙබරවාරි 18 වනදා ඝාතනයට ලක්විය.
මීගස්ආරේ කජ්ජාගේ ඝාතනය සඳහා අවශ්‍ය වූ ගිනි අවිය තමන් විසින් ලබාදුන් බව දැනට අත්අඩංගුවේ සිටින සම්පත් මනම්පේරි අනාවරණය කර ඇත.
මේ අතර, මීගස්ආරේ කජ්ජාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කළ ප්‍රකාශයක් මගින් වසීම් තජුඩීන් ඝාතනය පිළිබඳව නව හෝඩුවාවක් හෙළිදරවු වී තිබේ.
තජුඩීන් ඝාතනයට ලක් වූ දින ඔහු පසුපස ආ පිරිස අතර මීගස්ආරේ කජ්ජාද සිටින බවට, ඇය සීසීටීවී දර්ශන ඇසුරින් හඳුනාගෙන තිබේ.
2012 වසරේ මැයි 17 වැනිදා සිදු වූ වසීම් තජුඩීන්ගේ ඝාතනය සහ ඉන්පසුව සාක්ෂි වසන් කිරීම් ඇතුළු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් අතීතයේදීද තොරතුරු වාර්තා විය.
2018 සැප්තැම්බර් 20 වනදා CID ය අධිකරණයට වාර්තා කළේ, සිරිලිය සවිය පදනමට අයත් WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තජුඩීන් පැහැර ගැනීමට යොදාගෙන ඇති බවයි.
තජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ වී ඇතැයි පැවසෙන, ශිරන්ති රාජපක්ෂ භාවිත කළ බව කියන ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළි වූයේද මීගස්ආරේ කජ්ජාගේ වැන්දඹු බිරිඳගේ ප්‍රකාශය මගිනි.
(source – lankacnews)

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්