එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පන්දු වාර 50ම, දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදා ගනිමින් ක්‍රීඩාකළ පළමු තරගය ලෙස අද(21) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ඉතිහාසයට එක්විය.
එම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු යැවීම සඳහා දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගෙන තිබුණි.
මීට පෙර එක්දින ක්‍රිකට් තරගයකදී පන්දුවාර 44ක් දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ක්‍රීඩාකළ අවස්ථා 03ක් වාර්තා වන අතර එම තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ක්‍රීඩාකර ඇත.
එම තරග වන්නේ, 1996දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය, 1998දී නවසීලන්ත කණ්ඩායමට එරෙහි පැවැති තරගය සහ 2004දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පැවැති තරග වේ.
ඒ අනුව, බංග්ලාදේශ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගය එක්දින ක්‍රිකට් ඉතිහාස වෙනස් කරමින් එක්දින ක්‍රිකට් තරගයකදී පන්දු වාර සියල්ල දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනිමින් තරගකළ පළමු තරගය වේ.
මෙම තරගයෙදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස්කළේය.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්