Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බටහිර ඉන්දීය කොදෙව් පිලෙන් අමුතු තාලයේ වාර්තාවක්

4 days ago

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පන්දු වාර 50ම, දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදා ගනිමින් ක්‍රීඩාකළ පළමු තරගය ලෙස අද(21) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ඉතිහාසයට එක්විය.

එම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු යැවීම සඳහා දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගෙන තිබුණි.

මීට පෙර එක්දින ක්‍රිකට් තරගයකදී පන්දුවාර 44ක් දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ක්‍රීඩාකළ අවස්ථා 03ක් වාර්තා වන අතර එම තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ක්‍රීඩාකර ඇත.

එම තරග වන්නේ, 1996දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය, 1998දී නවසීලන්ත කණ්ඩායමට එරෙහි පැවැති තරගය සහ 2004දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පැවැති තරග වේ.

ඒ අනුව, බංග්ලාදේශ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගය එක්දින ක්‍රිකට් ඉතිහාස වෙනස් කරමින් එක්දින ක්‍රිකට් තරගයකදී පන්දු වාර සියල්ල දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනිමින් තරගකළ පළමු තරගය වේ.

මෙම තරගයෙදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස්කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *