Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හොංකොං සික්සර් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න! නායකත්වය ලහිරු මධුෂංඛට!

3 days ago

2025 හොංකොං සික්සර් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) නම් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙවරත් ලහිරු මධුෂංඛට හිමි වී ඇත. 8 දෙනකුගෙන් ශ්‍රී ලංකා සංචිතයට ලහිරු මදුශංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක, මොවින් සුබසිංහ (අතිරේක) යන ක්‍රීඩකයන් නම් කර ඇත.

පසුගිය වසරේ කණ්ඩායමේ සිටි සදුන් වීරක්කොඩි මෙවර කණ්ඩායමට නම් කර නොමැත.

මෙවර තරගාවලිය නොවැම්බර් 7, 8 සහ 9 යන තෙදින තුන පැවැත්වෙයි. රටවල් 12ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියට දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පාකිස්තානය, කුවේට්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදියි.

ශ්‍රී ලංකාව 2007 වර්ෂයේ සහ 2024 වර්ෂයේ හොංකොං සික්සර් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් විය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *