Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනිය හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර හමුවක්

1 day ago

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදවඳ එහිදී අවධානය යොමුව තිබෙනවා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩාවේ දියුණුව සඳහා රජය මගින් ඉටුවිය යුතු කාර්යයන් පිළිබදව අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් අදහස් විමසා සිටියා.

පාසල් සහ විශ්වවිද්‍යාල තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සදහා පවතින නැඹුරුව මෙන්ම පහසුකම් හා එහි වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

ක්‍රීඩාව ප්‍රවර්ධනය සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපරිම සහාය ලබා දීමටත් අගමැතිවරිය පොරොන්දු වුණා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ඔස්සේ ක්‍රිඩාවට වැඩි ඉඩක් වෙන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී පෙන්වා දුන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *