තමන්ට නිතර ආහාර දුන් පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ නිසල දේහය මත නැග ඔහුට අවසන් ගෞරව කළ වඳුරෙකු පිළිබඳ මඩකලපුව,තාලංකුඩා ප්රදේශයෙන් වාර්තා වෙයි.
තාලංකුඩාහි පදිංචි පීතාම්බරම් රාජාන් නමැති මෙම මියගිය 52 හැවිරිදි පුද්ගලයා වඳුරෙකුට නිතර බිස්කට් හා ආහාර ලබා දී ඇත.
මෙසේ සිටියදී ඔහු පසුගියදා රාත්රියේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්රාප්ත වී ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු මොහොතේ නිවසට පැමිණි වඳුරා එය දැක එම පුද්ගලයාගේ නිසල දේහය අසලට ගොස් ස්වාමියා හුස්ම ගන්නේදැයි බෙල්ලෙන්, කමිසයෙන් අල්ලා පරීක්ෂා කර බලා තිබේ.
කෙසේ වෙතත් තම ස්වාමියා මිනීපෙට්ටියෙන් නොනැගැටීම නිසා වඳුරා කඳුළු සලමින් ආපසු ගමන් කළ බවද කියැවෙයි.
එමෙන්ම වඳුරා දේහය ආදාහනය කළ සුසාන භූමිය දක්වාම ගොස් තම ස්වාමියාට ගෞරව දක්වා ඇතැයිද සඳහන් වෙයි.
(මඩකලපුව ජවුෆර් ඛාන්)

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති