‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
තවද, දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කිලිනොච්චියේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ බීජ පොල් තවානේ විශාල පොල් පැළ සංඛ්‍යාවක් ජලයෙන් යට වී විනාශ වූ බවද ඔහු පවසනවා.
නායයෑම් සහ ගංවතුරෙන් විනාශ වූ ගස් වෙනුවට අනාගතයේදී නව පොල් පැළ නැවත සිටුවීමට සැලසුම් කර ඇති බවයි ආචාර්ය ජයකොඩි වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි