සුනාමි ව්‍යසනය සිදුවී හෙටට (26) වසර 21ක් සපිරේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදු වූ ප්‍රභල භූ කම්පනයත් සමග ශ්‍රි ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් හට ගැනුණි.
ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපල රැසක් ද විනාශයට පත්විය.
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සදහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කරමින් සැමරුම් උත්සව පැවැත්වෙන අතර මෙවර ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී හෙට පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර ජාතික සුරක්ෂිත දිනයේදී සුනාමි ව්‍යසනයෙන් මෙන්ම සෙසු ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කිරීම සිදුවන අතර දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
එමෙන්ම ආපදා තත්ත්වයන්ගෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් හෙට පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි