දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි.
මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය.
2008 වසරේ දී මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරීය.
අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි