Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 40කට පසු ඉරාකයට FIFA ලෝක කුසලාන වරම්

1 day ago

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන සියලුම කණ්ඩායම් 48 ඊයේ (31) නිල වශයෙන් තහවුරු විය.

මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූ සිදුවීම වූයේ ‘මෙසපොතේමියාවේ සිංහයන්’ (Lions of Mesopotamia) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඉරාක කණ්ඩායම වසර 40කට පසු ලෝක කුසලාන වරම් හිමිකර ගැනීමයි.

තීරණාත්මක තරගයකදී බොලිවියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඉරාකය මෙම ජයග්‍රහණය වාර්තා කළේය. මීට පෙර ඔවුන් අවසන් වරට ලෝක කුසලානයකට ක්‍රීඩා කළේ 1986 වසරේදීය.

ඒ අනුව ඉරාකය ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය, එරට වැසියන් බැග්ඩෑඩ් නුවරට රැස්ව යුද්ධය නොතකමින් සැමරීමට කටයුතු කළේය.

මෙවර පාපන්දු ලෝක කුසලානය එළැඹෙන ජුනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *