Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුසියාවෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

13 hours ago

අමෙරිකානු එක්සත් ජනපදය සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස රුසියානු රජය සිය පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

රුසියානු විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, 2022 රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු අමෙරිකානු බලධාරීන් රුසියානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය දැඩි කර ඇති බවයි.

යම් හෙයකින් අමෙරිකානු බුද්ධි අංශ හෝ නීති ක්‍රියාත්මක කරන ආයතන අතට පත්වුවහොත්, රුසියානු පුරවැසියන්ට අමෙරිකානු සිරකඳවුරුවල දීර්ඝකාලීන සිරදඬුවම් විඳීමට සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව අමෙරිකානු බුද්ධි අංශ විසින් විවිධ වාසිදායක ව්‍යාපාරික අවස්ථා හෝ සංචාරක දීමනා මවා පාමින් රුසියානු ජාතිකයින් අදාළ රටවලට ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවට ද රුසියාව චෝදනා කරයි.

අමෙරිකානු සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ උපායමාර්ගික අංශවල නියැලෙන බොහෝ පිරිසක් තමන් නොදැනුවත්වම අමෙරිකානු ඉලක්ක බවට පත්ව සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *