පවතින කාලගුණික විපර්යාස සහ ඉදිරියේදී ඇති විය හැකි ‘එල්නිනෝ’ (El Niño) තත්ත්වය හමුවේ රටේ ජල කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය ජලය මුදා හැරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මේ වසරේ අපේක්ෂිත වර්ෂාපතනය සහ දැනට ජලාශවල පවතින ජල ධාරිතාව පිළිබඳ සංඛ්‍යා දත්ත ඇසුරින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ප්‍රධාන අංශ තුනක අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය කළමනාකරණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය:
- බලශක්ති සැපයුම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම.
- මහජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම.
- යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම.
මෙම අංශයන්හි සමබරතාව රැකෙන පරිදි ජල සම්පත භාවිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහවැලි සහ වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්