වසර 75කට වැඩි අතීතයක් ඇති ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් ලෙසින් සැලකෙන ‘නේටෝ’ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඉරානට එරෙහි යුද්ධයට සම්බන්ධ වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම නේටෝ වෙතින් සිදුකරන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව වාර්තා වේ.
‘ටෙලිග්‍රාෆ්’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනපති ට්‍රම්ප් මේ බව ඉඟිකර ඇති අතර, එහිදී ඔහු නේටෝවෙන් අමෙරිකාව ඉවත් කරගැනීම ‘දැඩි ලෙස සලකාබලන’ බව පවසා ඇත.
එහිදී ඔහු නේටෝ සංවිධානය “කඩදාසි කොටියෙකු”ට සමාන කර ඇති අතර, එක්සත් රාජධානියට නාවික හමුදාවක් නොමැති බවත් පවසා තිබේ.
“මම කවදාවත් නේටෝවෙන් බලපෑමට ලක් වුණේ නැහැ. මම හැම විටම දැනගෙන හිටියා ඔවුන් කඩදාසි කොටියෙක් කියලා, ඒ වගේම පුටීනුත් ඒක දන්නවා” යනුවෙන් පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි