පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අතිනවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.
කොළඹ Trace City හි පැවති මෙම සාකච්ඡාවේ දී Gaman by Trace ජංගම දුරකතන යෙදුම හරහා ක්‍රියාවට නැංවෙන මෙම පොදු ප්‍රවාහන සේවාව පිළිබඳ හඳුන්වාදීමක් සිදුකර තිබේ.
කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මර්මස්ථාන බොහොමයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර අදාළ ගමන් මාර්ගය කිලෝමීටර 16 ක දුරකින් යුතුවේ.
මෙහි ඇති විශේෂත්වය නම් බස් රථයට ගොඩවී කොපමණ දුරක් ගිය ද ගෙවිය යුත්තේ රු. 200 ක ස්ථාවර ගාස්තුවක් පමණක් වීමයි.
ගාස්තු ගෙවීම ජංගම දුරකතන යෙදුම හරහා සිදුවනු ඇත. එබැවින් මෙම බස් රථවල තවත් විශේෂත්වයක් වන්නේ ඒවායෙහි කොන්දස්තරවරයෙකු නොමැති වීමයි.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු