ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය රාජපක්ෂ පවුල සතුව මුදල් උගන්ඩාවේ පවතිනවා යනුවෙන් සඳහන් කරන නමුත්, රාජපක්ෂ පවුල සතුව එක රුපියලක් හෝ උගන්ඩාවේ තිබෙන බව ඔප්පු කළ යුතු බව හිටපු අමාත්‍ය තිස්සකුට්ටි ආරච්චි පවසනවා.
ඔහු එහිදී කියා සිටියේ, එවැනි ආකාරයට ඔප්පු කිරීමට හැකියාවක් පැවතියහොත් තමා රාජපක්ෂ කඳවුරෙන් ඉවත්ව යන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳ්හන් කළේ,
“උගන්ඩාවේ සල්ලි තියෙනවනම් එක රුපියලක් හරි උගන්ඩාවේ මහින්ද රාජපක්ෂලගේ තමයි මෙන්න මේ රුපියල, මේ රුපියල හොරාකාපු රුපියලක් කියලා පෙන්නුවොතින් තිස්සකුට්ටි ආරච්චි එදාට මහින්ද රාජපක්ෂ කඳවුරේ ඉන්නේ නැහැ. ඒ නිසා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා රාජපක්ෂවරු මේ රටට හොඳට වැඩ කරා. හොරකම් කරලා තියෙනවා නම් මේ රජයෙන් අපිට ඔප්පු කරලා දෙන්න. අපි නම් දන්න හොරකමක් අද වෙනකන් ඔප්පු වෙලා නැහැ. 2029 අනුර කුමාර ජනාධිපති වෙන එක පැත්තකට තියාගෙන පුලුවන් නම් මේ අවුරුද්ද ඇතුළත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජනාධිපතිකම් බේරගන්න කියලා තමයි මට පෞද්ගලිකවම එතුමාට ආයාචනා කරලා කියන්න තියෙන්නේ…”

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි