රජයේ දේපළ පරිහරණය සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අනුගමනය කළ දැඩි හා ආදර්ශමත් පිළිවෙත පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතීත මතකයක් ආවර්ජනය කර තිබෙනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 110 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන්, ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ජනපතිවරිය මෙය සිදුකර තිබේ.
දිනක් නිවසේ තිබූ පොදු වාහනය වෙනත් ගමනක් ගොස් තිබූ අවස්ථාවක, සිය සහෝදරිය පැමිණෙන තෙක් බලා සිටිය නොහැකි වූ තැන, තමන් එවකට අරලියගහ මන්දිරයේ සිටි සිය මවගේ නිල රථය ඉල්ලාගෙන අදාළ ගමන ගිය බව ඇය එම සටහනෙහි සඳහන් කර තිබෙනවා.
නැවත නිවසට පැමිණි අවස්ථාවේදී සිය මව ඉණට අත් දෙක තබාගෙන තරහින් බලා සිටිමින්, “ආණ්ඩුවේ වාහන මේ විදිහට පාවිච්චි කරන්න ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ?” යනුවෙන් තමන්ගෙන් විමසූ බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.
ඇය සඳහන් කරන්නේ, එය තමන්ට ලැබුණු ඉතා ප්‍රබල පාඩමක් බවයි.
තම මවගෙන් ලැබුණු එම ඉගැන්වීම තමන් ජනාධිපති ධුරය දරන සමයේදී පවා අකුරටම ක්‍රියාත්මක කළ බවත්, සිය දරුවන් දෙදෙනාට රජයේ දේපළ හිතුමතේ පරිහරණය කිරීමට තමන් කිසිවිටෙකත් ඉඩ ලබා නොදුන් බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි