තඹුත්තේගම, නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරේ පිහිටි ඇල මාර්ගයක මංකඩක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (18) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැඳිවැව සහ තිඹිරිගස්කඩවල යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා දිය නෑම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය ආරම්භ වූ පසුගිය 12 වැනිදා සිට මේ දක්වා ගත වූ දින කිහිපය තුළ පමණක් දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකුට සිය ජීවිත අහිමි වී ඇති බවයි. නිවාඩු සමයේ විනෝද චාරිකා සහ දිය නෑමට යන පිරිස් වැඩි වීමත් සමඟ මෙවැනි අනතුරු ඉහළ ගොස් ඇති බව පෙනී යයි. දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියි.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්රා දූපත් ආසන්නයේ ප්රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?
බස් රථවල ගමන් ගන්නා මගීන්ට දැනුම්දීමක්
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්
‘හිරු නාලිකාව’ ඇමැති ලාල්ට ප්රසිද්ධියේ සොරි කියයි(වීඩියෝ)