මහරගම දෙමහල් නිවසක ඉහළ මහලේ ඇති වූ ගින්නකින් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසනවා.
මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 16 හැවිරිදි දැරියක්.
අපරාධයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා හා නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඊයේ (18) දින මෙම සිදුවීම සිදුව ඇති අතර අසල්වැසියන් වහා මැදිහත්ව ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුළ මියගිය කාන්තාව සහ ඇගේ දියණියගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ