හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.
අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු අඟවා තිබුණේ, අමෙරිකාව සිය වරායන් අඛණ්ඩව අවහිර කළහොත් හෝමූස් යළි විවෘතව නොපවතිනු ඇති බවය.
ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘IRIB’ මීට පෙර නිවේදනය කර තිබුණේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.
මෙම සතිය මුලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසා සිටියේ, ඉරානය වෙත පැමිණෙන සහ ඉරානයෙන් පිටව යන සියලුම නෞකාවන්ට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර නොමැති බවය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා