Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

21 minutes ago

ගාලු දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පිටිගල පොලිස් වසමේ බඹරවාන ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (17) රාත්‍රීයේ පුද්ගලයකින් පිරිසක් විසින් කලහකාරි අන්දමින් හැසිරීම නිසා එය පිළිබඳව සොයා බැලීමට ගිය මන්ත්‍රීවරයාට එහිදී එක් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම පහර කෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව පිටිගල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *