අධික ලෙස මුදල් අය කරන සහ ටිකට් පත් ලබා නොදෙන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
එම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ඕනෑම පොලිස් ස්ථානයකට පැමිණිලි කළ හැකි බවය.
එමෙන්ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.
1955 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය පැමිණිලි කළ හැකි බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය.
එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත් අතර මගීන්ගෙන් ලබාගත් එම අධික මුදල් යළිත් ඔවුන් වෙත ලබාදීම කටයුතු කළ බවත් බස් රථ පරිපාලනයට දඩ නියම කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ඒ අනුව ඊයේ (18) දින තුළ පමණක් බස්රථ 150කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඉන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 12ක් සොයාගත් බව රෝහණ වත්තගේ මහතා කියා සිටියේ ය.
මෙම බස්රථ වැටලීම ලබන 21 වෙනිදා දක්වා පැය 24 පුරාවටම ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්රා දූපත් ආසන්නයේ ප්රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
දියේ ගිලීමෙන් සිදු වූ මරණ ගණන තවදුරටත් ඉහළට
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්
‘හිරු නාලිකාව’ ඇමැති ලාල්ට ප්රසිද්ධියේ සොරි කියයි(වීඩියෝ)