Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“කිසිම වන්දියක් දෙන්නේ නෑ.. ලාල්ට කීර්තිනාමයක් නෑ..” – ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයට හිරු නාලිකාවෙන් සැර ප්‍රතිචාරයක්

7 hours ago

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අදාළ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් එවන ලද එන්තරවාසියට හිරු මාධ්‍ය ජාලයේ (Asia Broadcasting Corporation) නීතිඥවරුන් විසින් ප්‍රබල ප්‍රතිචාරයක් දක්වා තිබේ.

අමාත්‍යවරයාගේ නීතිඥවරයා වෙත ලිපියක් යොමු කරමින් හිරු මාධ්‍ය ජාලය දන්වා ඇත්තේ, අදාළ එන්තරවාසිය මඟින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා සහ ඉල්ලීම් තමන් බැහැර කරන බවයි. නිවැරදි කිරීමේ අයිතියට ගරු කරමින්, පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී ඇතුළු සියලුම මාධ්‍ය අවකාශයන් ඔස්සේ අදාළ පුවත සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් දැනටමත් සිදුකර ඇති බව එම ලිපියේ සඳහන් වේ.

අමාත්‍ය ලාල්කාන්ත මහතා ඉදිරිපත් කර ඇති වත්කම් සහ බැරකම් ප්‍රකාශය, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුකූල නොවන බවත්, එහි දෝෂ පවතින බවත් හිරු මාධ්‍ය ජාලයේ නීතිඥවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

අමාත්‍යවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත්, ඔහු පොදු දේපළවලට හානිකිරීම සහ ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බවට ප්‍රසිද්ධ වේදිකාවලදී පිළිගෙන ඇති බැවින්, ඔහු “කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු” යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ ඔප්පු කරන බව හිරු නීතිඥවරු අවධාරණය කරති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *