Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ

3 hours ago

බද්දේගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම නියම කර තිබේ. 

වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බළපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. 

වැටලීමකට ගිය බද්දේගම පොලිසියේ කොස්තාපල්වරයෙක්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. 

එහිදී සිව්වැනි විත්තිකරුට මරණ දඬුවමත් සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටත් බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝගය කළේය. 

ඒ අනුව මරණ දඬුවම නියම කෙරුණේ, බද්දේගම කාමිංගල, මාර්ග සති මාවත ප්‍රදේශයේ පදිංචි අයෙකුටයි.

නිදොස්කොට නිදහස් කෙරුණු, දෙවන විත්තිකාරිය වන ගුනෙත්තිගොඩ ලීලාවතී මේ වනවිට මියගොස් ඇත. 

2008 වසරේ නොවැම්බර් 30 හෝ ඊට ආසන්න දිනයකදී බද්දේගම පොලිසියට අනුයුත්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වැටලීමකට ගොස් තිබේ.

එහිදී එක් නිළධාරියෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. 

මරණ දඬුවම් ලැබූ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *