Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්

4 hours ago

වත්මන් රජය කිසිසේත්ම විදුලි කප්පාදුවකට යාමට සූදානම් නොමැති බවත්, ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම රජයේ මූලික පරමාර්ථය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22) ප්‍රකාශ කළේය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වඩාත් ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවයි. 2025-26 ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය නොවීම නිසා මතුව ඇති ගැටලුව කිසිදු ලෙසකින් ජනතාව මත පටවන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම මෙන්ම රජය ද දැඩිව තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

ප්‍රසම්පාදන කොන්දේසි කඩ කළ අදාළ සමාගම්වලින් දඩ අය කර ගැනීමට හැකියාව පවතින බවත්, එම දඩය ප්‍රමාණවත් නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මහා භාණ්ඩාගාරය හෝ ජනතාව මෙම වැරදිවල බර දරාගැනීමට සූදානම් නැහැ. ජනාධිපතිවරයා ද සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා,” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *