Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!

43 minutes ago

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම ආර්ථික වාර්තාවට අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ රුපියල සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මීට පෙර සතියේ නිකුත් කළ දත්තයන්ට අනුව රුපියල අවප්‍රමාණය වී තිබුණේ සියයට 1.8ක අගයකිනි. ඒ අනුව පෙනී යන්නේ ගතවූ සතිය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් සුළු වශයෙන් පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් වාර්තා වේ. මහ බැංකු දත්තයන්ට අනුව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් වටිනාකම් පෙර සතියට සාපේක්ෂව පුළුල් ලෙස ස්ථාවර මට්ටමක පැවතීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *