Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්

4 hours ago

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේට ජනපති අනුර කුමාර දිසානායක විසින් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියා.

සිය සුබ පැතුම් පණිවිඩය මඟින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවසායකත්වය මෙන්ම පරම්පරා ගණනාවක් පුරා පවතින නොබිඳුණු දෙරටේ ප්‍රජාවන් අතර සබඳතා මගින් එකිනෙකට බැඳී පවතී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් වර්ධනය වෙමින් ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගෙන මෙම අවධියේදී, අපගේ අනාගතය අතිමහත් ආර්ථික විභවතාවයන්ගෙන් හා අවස්ථාවන්ගෙන් පිරී පවතී.

ශක්තිමත් ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩිදුර සමෘද්ධිය සහ ප්‍රගතිය උදෙසා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

ඔබටත් තමිල්නාඩු ජනතාවටත් සියලු සාර්ථකත්වයන් අත්වේවායි ශ්‍රී ලාංකික ජනතාව සහ මම ප්‍රාර්ථනා කරමි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *