ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඒ මහතා අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.
පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර, ඒ අවස්ථාවේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළේය.

කුෂ් රැගෙන මෙරටට වැඩිය හිමිවරුන්ට අධිකරණයෙන් දුන් නියෝගය
ජනපති රාජ්‍ය නිලධාරීන්ට දුන් සහතිකය
NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි
ජන ගඟක් මැදි කරගෙන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද (වීඩියෝ)
ගාල්ලේ වෙඩිතැබීමක්! පුද්ගලයෙක් මරුට!
ජලාශ 26ක් වාන් දමයි
සයිබර් අපරාධකරුවන්ගේ තිත්පොළක් වූ ශ්‍රී ලංකාව! සැකපිට තවත් විදේශීකයින් 198ක් අත්අඩංගුවට!
අඩුපීඩනය දිවයින ආසන්නයට! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට
බොර තෙල් මිල යළි ඉහළට
මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය සිදු වූයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසාද? GMOA වෙතින් පැහැදිලි කිරීමක්