තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ එම සැකකරුවන් අද (12) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.
පසුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

ජනපති රාජ්‍ය නිලධාරීන්ට දුන් සහතිකය
මහින්ද අල්ලස් කොමිසමෙන් එළියට
ජන ගඟක් මැදි කරගෙන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද (වීඩියෝ)
NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි
ගාල්ලේ වෙඩිතැබීමක්! පුද්ගලයෙක් මරුට!
ජලාශ 26ක් වාන් දමයි
සයිබර් අපරාධකරුවන්ගේ තිත්පොළක් වූ ශ්‍රී ලංකාව! සැකපිට තවත් විදේශීකයින් 198ක් අත්අඩංගුවට!
අඩුපීඩනය දිවයින ආසන්නයට! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට
බොර තෙල් මිල යළි ඉහළට
මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය සිදු වූයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසාද? GMOA වෙතින් පැහැදිලි කිරීමක්