Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සයිබර් අපරාධකරුවන්ගේ තිත්පොළක් වූ ශ්‍රී ලංකාව! සැකපිට තවත් විදේශීකයින් 198ක් අත්අඩංගුවට!

5 hours ago

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක හෝටල් තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා ඇතුළු පරිගණක අපරාධවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 198 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ, ගාල්ල, හික්කඩුව සහ මිදිගම යන ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීම් තුනකදී මෙම පිරිස කොටු කරගත් බවයි.

එහිදී මිදිගම, පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වටලා සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඉන් 28 දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර පස්දෙනෙකු නේපාල වැසියන බවයි පොලීසිය පවසන්නේ.

මීට අමතරව හික්කඩුවේදී ඉන්දීය ජාතිකයන් 35ක් සහ නේපාල ජාතිකයන් 20ක් ද, ගාල්ල ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයන් 110ක් ද වශයෙන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මුළු පිරිසෙන් 174 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් වන අතර සෙසු 25 දෙනා නේපාල ජාතිකයන් වනවා.

මොවුන් වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන්නන් බව පොලීසිය සඳහන් කළා.

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මගින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැකියාවල නිරත වීම, පරිගණක අපරාධ පනත යටතට ගැනෙන වංචනික ක්‍රියාවල නිරත වීම, තීරුබදු රහිතව මෙරටට ගෙන එන ලද දුම්වැටි සන්තකයේ තබාගැනීම, යන වැරදි සම්බන්ධයෙනුයි මොවුන්ට අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මිදිගම පොලිසිය මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *