දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ (Amber) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙනු ඇත.
මීට අමතරව, දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමුවන මට්ටමේ හෙවත් ‘විමසිලිමත් වන්න’ යනුවෙන් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පළමුවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ,
බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
නායයෑමේ ලක්ෂණ (පොළොවේ පිපිරුම් ඇතිවීම, ගස් හා විදුලි කණු ඇලවීම, හදිසියේ උල්පත් හටගැනීම වැනි) නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය සිදු වූයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසාද? GMOA වෙතින් පැහැදිලි කිරීමක්
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් බිමට වැටී මරුට
වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය