Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

3 minutes ago

අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල වූයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බවත්, එය සමස්ත ලෝකයම මුහුණ දෙන ගෝලීය ව්‍යසනයක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

එබැවින් නවසීලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය ඇතුළු ලොව පුරා බොහෝ රටවල මෙවැනි අන්තවාදී ප්‍රහාර සිදු වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ, එලෙස ජාත්‍යන්තර වශයෙන් විශාල ත්‍රස්ත සංසිද්ධීන් රැසක් වාර්තා වී තිබියදීත් එම රටවල කතෝලික සභාවන් හෝ පියතුමන්ලා පාරට බැස “මහ මොළකරුවන්” සොයමින් කටයුතු කරන ආකාරයක් නොදුටු බව සඳහන් කළා.

එසේ තිබියදී මෙරට තුළ පමණක් මහමොළකරු සෙවීමට “මොකක්ද මේ හැදිලා තියෙන රුදාව” යනුවෙන් ඥානසාර හිමි ප්‍රශ්න කර සිටිනවා.

එමෙන්ම උන්වහන්සේ පෙන්වාදෙන්නේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය යනු හුදෙකලා හෝ අහම්බෙන් සිදු වූවක් නොව, දිගුකාලීන ජාත්‍යන්තර මතවාදයක කූටප්‍රාප්තියක් බවයි.

මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය ද දේශීය දේශපාලන කුමන්ත්‍රණයක් නොව, 1953 වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ජාත්‍යන්තර අන්තවාදී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බව ඥානසාර හිමි සඳහන් කළා.

ඇමරිකානු FBI ආයතනය පවා ප්‍රහාරකයින් සතු වූ තාක්ෂණික මෙවලම් පරීක්ෂා කර මෙය සහරාන් ඇතුළු කණ්ඩායමේ මහා විනාශයක් බව විද්‍යාත්මකව තහවුරු කර තිබියදී, දේශපාලන අවශ්‍යතා මත මහ මොළකරුවෙක් සෙවීමේ නිරර්ථක උත්සාහයක ඇතැමුන් නිරත වන බව උන්වහන්සේ පවසනවා.

එමෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා ප්‍රමුඛ කතෝලික සභාවටත්, ඇංග්ලිකන්, රෙපරමාදු ඇතුළු අනෙකුත් කිතුනු සහ මුස්ලිම් පාර්ශ්වයන්ටත් උන්වහන්සේ මෙහිදී අභියෝගයක් එල්ල කළා.

සුරේෂ් සලේ මහතාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, ඔහු මුස්ලිම් සමාජය තුළ වර්ධනය වූ අන්තවාදී කල්ලි පිළිබඳව ඉතා දැඩි අවධානයකින් පසු වූ සහ ඒ පිළිබඳව අනතුරු ඇඟවූ දක්ෂ නිලධාරියෙකු බව සඳහන් කළා.

කෝටි ප්‍රකෝටි ගණන් ධනය තිබූ ඊබ්‍රහිම් හාජ්ජියාර් වැනි ව්‍යාපාරිකයන් සහරාන්ලා පිටුපස සිටියදී, බුද්ධි අංශවලින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගත් බවට පැවසීම හාස්‍යයට කරුණක් බව ද ඥානසාර හිමි පෙන්වාදෙනවා.

එදා තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට කැප වූ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමූ ඇතැම් මාධ්‍ය, අද වන විටත් බුද්ධි අංශ නිලධාරීන් දෙසට වෛරය හැරවීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට ද උන්වහන්සේ චෝදනා කළා.

“අනෙක් අතින්, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල වූයේ ශ්‍රී ලංකාවේ පමණක්ද? මෙය ලෝකයේ සිදු වූ පළමු ප්‍රහාරය නොවේ. නවසීලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය ඇතුළු ලොව පුරා බොහෝ රටවල මෙවැනි අන්තවාදී ප්‍රහාර සිදු වී ඇත. ච්චර සංසිද්ධින් වාර්තා වෙද්දි අපි දැක්කේ නැහැ එ රටවල්වල කතෝලික සභා හරි පියතුමන්ලා හරි පාරට බැහැලා මහමොළකරු හොයනව අපි දැක්කේ නැහැ. මොකක්ද මේ හැදිලා තියෙන රුදාව

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *