Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

20 minutes ago

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු උසස් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම්දීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා එකඟ වී තිබෙනවා.

ඒ, අද (29) පස්වරුවේ අධිකරණ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක නොකරන ලෙස සංගමයේ ස්ථාවරය අමාත්‍යවරයා වෙත දැනුම්දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඉදිරි තීරණය දැනුම්දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා නීතිඥ සංගමයට දැනුම් දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *