පසුගිය වෙසක් පොහෝ දින මීගොඩ ප්‍රදේශයේ පැවති දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකුට ජීවිත අහිමි වීමේ ඛේදවාචකයට අදාළව බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සැකකරුවන් අද (16) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
අද දින අධිකරණ විභාගයේදී මෙම අනතුරින් මියගිය එක් පුද්ගලයෙකුගේ පාර්ශ්වයකට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ලබා දීමට විත්තිය කටයුතු කර තිබුණි. ඊට අමතරව, මියගිය අනෙක් පුද්ගලයින් පස්දෙනා වෙනුවෙන් ද රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ලබා දීමට විත්තිකාර පාර්ශ්වය එහිදී සිය එකඟතාව පළ කර සිටියේය.
මෙම ඛේදනීය සිදුවීමට අදාළව මේ වන විටත් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය ලබන නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, අදාළ සැකකරුවන් සිව්දෙනා එළඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව