තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ (18) දින රැස්ව තිබුණා. ඒ, එස්. ශ්‍රීපවනන්දරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම කමිටුවේදී තෙල්ලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරාගෙන එය සංවර්ධනය කර ජනතාවට සේවා සැපයීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම තායිට්ටි විහාරය, ප්‍රවාහන කටයුතු සහ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බව පවසයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී තෙල්ලිප්පලෙයි රෝහල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.
එමෙන්ම එහිදී මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් “උස්සලා ගහනවා” යන වචනය භාවිත කිරීම නිසා ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතින බවත් වාර්තා වේ.
එවන් පසුබිමක අද(19) දින යාපනය – චින්නක්කඩේ මංසන්ධි ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ රුව රැගත් පෝස්ටරයකට සෙරෙප්පු මාලයක් පළඳවා බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ අතර අඩි 10ක් පමණ උසින් යුතුව මෙම බැනරය තිබූ ස්ථානයට අද පෙරවරු 10.00 ට පමණ තමන්ගේ මෝටර් රථයෙන් පැමිණි රාමනාදන් අර්චුනා මහතා එය එතැනින් ගලවා තම මෝටර් රථයට දමාගෙන රැගෙන ගොස් ඇති බව ද සඳහන්.
එසේම මේ සම්බන්ධයෙන් වූ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්ය සාධක බලකායක්
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා ගොනු කරයි
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප
ජනපති හමුවීමෙන් පසු ICC සභාපති තැබූ X සටහන
පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ