මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීම සඳහා ඡන්දදායකයින්ගේ ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය අහෝසි කිරීමෙන්, එක් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම තීරණය ආර්ථික මෙන්ම පරිපාලනමය වශයෙන් ද සෑම අතින්ම ඉතාම යහපත් තීරණයක් වන බවයි.
මෙම යෝජනාව හදිසියේ මතුවූවක් නොවන බවත්, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්රයේ ප්‍රවීණයන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. මෙම පැරණි ක්‍රමවේදය ඉවත් කිරීමෙන් විදේශයන්ගෙන් විශේෂ තීන්ත ආනයනය කිරීම, ඒවා දිවයින පුරා බෙදා හැරීම සහ ඒ සඳහා වැයවන පරිපාලන වියදම් සම්පූර්ණයෙන්ම ඉවත් වී මැතිවරණ බර පියවා ගැනීමට රජයට හැකි වේ.
වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ ජාතික හැඳුනුම්පත ඇතුළු නිල අනන්යතාපත්ර අනිවාර්යය කර තිබීම හේතුවෙන්, වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් හොර ඡන්දයක් භාවිතා කිරීමේ අවස්ථාව සලකා බැලිය යුතු මට්ටමකින් අවම වී ඇත. එමෙන්ම ඡන්ද ලේඛන සකස් කිරීම සහ නියාමනය සඳහා නූතන තාක්ෂණය බද්ධ කර ඇති බැවින් දශක ගණනාවක් තිස්සේ පැවති මෙම තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය වර්තමානයට නොගැලපෙන බව විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්