මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30 වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සැලකිල්ලට ගෙන සමස්ත බන්ධනාගාර පද්ධතියේම ආරක්ෂාව තහවුරු කිරීම මෙම හදිසි රැස්වීමේ මූලික අරමුණ බවයි.

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
දිවි ගමනට සමුදුන් ඇෆ්ගන් ක්‍රිකට් තරුව
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න
නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
NAITA ආයතනයට නව පත්වීම් 123ක්
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු වැළඳී රැඳවියන් මියගියාද? ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
මීගමුව සිද්ධියේ මහ මොළකරු බව කියන සුරේෂ් බූස්සට
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
මීගමුව ගැටුම ගැන නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී දිග හරී
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි