Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි

9 hours ago

2022 මැයි 9 අරගලයේදී සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ අනවසර ගොඩනැගිල්ලකට සිදු වූ හානිය වෙනුවෙන් නීතිවිරෝධී ලෙස රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීමෙන් දූෂණය සිදුකළ බවට චෝදනා ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දී තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකළ මෙම නඩුව සලකා බැලූ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට ද පියවර ගත්තේය.

රජයේ නිලධාරීන්ට බලපෑම් කර මෙම වන්දි ලබාගැනීමේ සිද්ධියට අදාළ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන අගෝස්තු මස 05 වනදා නැවත කැඳවීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *