Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට! රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා!

12 hours ago

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

ගැටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා පෙරවරු 11ට පමණය.

එහිදී බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පිරිසක් ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තායි.

එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු සපයා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වුණේ, 29 හැවිරිදි හා 31 හැවිරිදි රැඳවියන් දෙදෙනෙකි.

පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැඳවියන් සියලුදෙනා සාමකාමීව ඔවුන්ගේ සිරිමැදිරිවලට ඇතුළත් කර තිබේ.

ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් පෙරේදා උදෑසන රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාගේ පාර්ශ්වයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබාදුන් පාර්ශ්වයේ අයෙකුට කම්මුලට පහරදී ඇති බව වාර්තාවෙයි.

අනතුරුව තවත් රැඳවියන් සියයක පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහරදී තිබේ.

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු එතැනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානය පිහිටි ස්ථානයට දිවගොස් ඇතිබව වාර්තා වෙයි.

එවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.

ඒ අතරතුරදී පහරකෑමට ලක්වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු  කරගත් බව සඳහන්ය.

එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පසුව පළමුව පහරකෑමට ලක්වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ අදාළ නිලධාරීයාව බේරාගෙන තිබුණි.

ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට ඇද දමනවාත් සමගම අදාළ නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකුට රැඳවියෙකු පැමිණ කටුවක් වැනි දෙයකින් පහරදීමට උත්සහා දැරූවත් එය ව්‍යාර්ථ වී තිබේ.

එය සිදුවී තිබුණේ බන්ධනාගාර භූමියේදීය.

”සර්, ඔයගොල්ලේ එන්න එපා. යන්න. ” යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට හිතවත් රැඳවියන් පවසා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද තවත් රැඳවියන් පිරිසක් ඔවුන්ට ද පහරදී තිබේ.

ඒ අතරතුරදී බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතුළු වී තිබුණි.

එහිදී තත්ත්වය පාලනය කරගැනීමට උත්සහ කිරීමත් සමග මෙම ස්ථානයෙන් පැමිණි වෙනත් රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදිකරගෙන දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.

ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

අනතුරුව පිරිස බන්ධනාගාරයෙහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනිඅවියක් හා ගිනිඅවි මාරුකිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.

රීපීටර් වර්ගයේ ගිනිඅවියක් හා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් එලෙස ලබාගත් ගිනිඅවියක් ආරක්ෂක අංශ නිලධාරින් බන්ධනාගාරයට ඇතුළුවන අවස්ථාවේදී රැඳවියෙකු අතෙහි තිබෙණ ආකාරය දැක ගන්නට හැකිවූ බව වාර්තා වෙයි.

පසුව ආරක්ෂක අංශ නිලධාරීන් අදාළ ගිනිඅවි දෙක බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබේ.

එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරීවරයාගේ නිල කාමරයෙහි වූ වැසිකිළිය පවා ඔවුන් විනශකර ඇති බව වාර්තාවෙයි.

ඔවුන් බන්ධනාගාරයට සිදුකළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ අතර  මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු ඊයේ උදෑසන මියයාමත් සමඟ එහි ගැටුමෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1033 දෙනකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය. 

මෙවන් වාතාවරනයක මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණේ ඉකුත් ඉරිදා පස්වරුවේයි. 

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින්ය. 

එහිදී දෙපාර්ශවයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

කෙසේ වෙතත්, එදින රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කෙරුණත්, ඊයේ පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී යළිත් ගැටුමක් ආරම්භ කළේය. 

එම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඒ අතරින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් සිටියේය. 

එසේම, තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණි. 

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පෙරේදා දිනයේදී වරින්වර පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, හමුදා සාමාජිකයින් කැඳවනු ලැබීය. 

කෙසේ වෙතත්, මීගමුව බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය පෙරේදා රාත්‍රිය වනවිට පාලනය කර තිබුණත්, ඒ අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රාත්‍රියේත් එහි රැඳී සිටියේය. 

මේ අතර, ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණි. 

එමෙන්ම රැඳවියන් අනුරාධපුර, බූස්ස, මහර, යාපනය, මඩකලපුව, අගුණකොලපැලැස්ස සහ බෝගම්බර බන්ධනාගාරවලට මාරු කර යැවුණි. 

ඒ අතර මෙම ගැටුම මෙහෙය වූ බවට වාර්තා පළ වූ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාද වෙයි. 

ඔහු මාරු කර යවා තිබුණේ බූස්ස බන්ධනාගාරයටය. 

එසේම, මීගමුව බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට යැවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ සිදුවුණු ඝාතන පිළිබඳ  විමර්ශනය කිරීමයි. 

කෙසේ වෙතත්, පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මීගමුව බන්ධනාගාරයට සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තු සහ අධිකරණ නිලධාරීන් මේ දක්වා පැමිණ නොමැති බව වාර්තා වෙයි. 

මේ අතර ඊයේ උදෑසන මීගමුව බන්ධනාගාරයේ සාමකාමී තත්ත්වයක් දැකගත හැකිවුණි.

ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබූ ආකාරයයි.

මෙවන් පසුබිමක ඊයේ උදෑසනත් රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසළට පැමිණ සිටියේ බන්ධනාගාරයේ සිටින පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීම සඳහායි.

වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ගේ නාම ලේඛනයක් ද ඊයේ බන්ධනාගාරය අසල ප්‍රදර්ශනය කර තිබුණි.

කෙසේවෙතත් ඇතැම් රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වූ ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

මේ අතර මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර රැඳවියන්ගේ නාම ලේඛනයක් ද රෝහල් භූමියේ ප්‍රදර්ශනය කර තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පිරිසේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණි.

(source – ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *