Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්

4 hours ago

වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත්, ඒ අනුව ඵලදායීතාවෙන් තොර සියලු ආයතන ඉවත්කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයට අදාළව ආයතන ගණනාවක් පැවතීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමතාවක් ඇති වී තිබෙන බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම, දිවයින පුරා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

එමෙන්ම මහනුවර – උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර – උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ජල ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දිවයින පුරා ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි වසරට අදාළ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *