Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

9 hours ago

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ, එම බන්ධනාගාරය අපරාධ ස්ථානයක් බවට සලකන බවය.

අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව තිබේ.

එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද, විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.

දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ හේතුනේ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් “මහමෝදර” සහ “පැරණි බෝගම්බර” පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *