මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, හෙට (13) සිට නඩු කටයුතු සදහා මුහුණදීමට සිටින බන්ධනාගාර රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමත් සමඟ බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.
එලෙස වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරුණු රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත ගෙන ඒමට පහසුකම් සැළසීම ගැටලුවක් වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එබැවින් අදාළ රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සදහා යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු ගැටුමින් සිදුවු හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් වෙයි.

ඩෙංගු රෝගීන් 68,000 ත් පනී
දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 සීමාවට
වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන?
පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර
වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 143ක්
වාහන ආනයනයට සීමා පැනවීමෙන් ලොකු අවුලක්
හදිසියේ ණය මුදලක් ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න
2027 අයවැය ඉදිරිපත් කරන දිනය
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි