Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන?

13 minutes ago

වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන ලැබිය යුතු දෙයක් බවට පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.

වසර 10ක් තුළ එක් ලක්ෂ විසි දහසකින් දරු උපත් සංඛ්‍යාව අඩුවී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, විවාහ වන වයස ඉහළ යෑම, විවාහ අනුපාතය පහළ යෑම, විවාහ වෙන්වීම් සහ දික්කසාද ප්‍රමාණය ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවය මීට හේතුවී ඇති බව ය.

එමෙන් ම, දරුවන් දැඩි කිරීම පිළිබඳ වියදම් අධික වී ඇති බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් වසංගතයේ ඇතිවුණු කම්පනය සහ තරුණ තරුණියන් රට අතහැර යෑම දරු උපත් සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම සහ සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබා දීම, මාතෘ පිතෘ සහ මවුපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම, තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම් ලබා දිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *