Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු රෝගීන් 68,000 ත් පනී

50 seconds ago

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක්. ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රොගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදීයි.

එම සංඛ්‍යාව 21,538 ක්.

එමෙන්ම ජුලි මාසයේ ගතවූ දින කිහිපය තුළද සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ඒ අනුව පසුගිය දින 11ක කාලය තුළ ඩෙංගු රෝගීන් 12,692ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *